₯ : ජනවාරි මාසයේ සිට කඩදාසි රහිත විදුලි බිල්පතක් නිකුත් කිරීමට සූදානම් බව රජය විසින් නිවේදනය කර​යි

මේ වන ශ්‍රී ලංකාව තුළ ඇති වී ඇති ආර්ථික අර්බුදය හේතු කොටගෙන භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ ගොස් තිබෙන බව ඔබ මේ වන විටත් දන්නවා ඇති. උද්ධමනය හමුවේ කඩදාසිවල මිල ගණන් අධික වී ඇති අතර මේ වන විටත් බොහෝ සේවාවන් මඟින් කඩාදාසි රහිත ඩිජිටල් බිල්පත් ලබා දෙන බව අප දනිමු.

ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඔබේ නිවසට විදුලි බිල්පත මනු කියවන්නෙකු හරහා කඩදාසි මාධ්‍යයෙන් ඔබ වෙත මේ වන විටත් ලබා දෙනු ලබනවා. කෙසේ වෙතත් පවතින ආර්ථික අර්බුදය හමුවේ කඩදාසි මිල ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී කඩදාසි රහිත බිල් පතක් තම පාරිභෝගිකයන් වෙත ලබා දීමට කටයුතු කරන බව​ට අද දින බලශක්ති අමාත්‍යවරයා සහ විදුලි බල මණ්ඩලය හමු​වේ පැවති රැස්වීමකදී තීරණය කර තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කන්චන විජේසේකර මහතා විසින් Twitter පණිවුඩයක් හරහා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ඉදිරි ජනවාරි මාසයේ සිට කඩදාසි රහිත බිල් පතක් පාරිභෝගිකයන් වෙත නිකුත් කරන බවයි.

කෙසේ වෙතත් TechNews.LK අප කළ විමසීමකදී බලශක්ති අමාත්‍යාංශය විසින් පවසා සිටියේ මේ සම්බන්ධ සාකච්ඡා මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඉදිරියේ​දී පැහැදිලි කිරීමක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

 

Comments

Popular posts from this blog

₯ : Google Pixel 6 ජංගම දුරකථනය සමඟින් Magic Eraser පහසුකමක් සහ වසර 5ක් දක්වා Updates ලබාදෙන බව වාර්තා වෙයි

₯ : Google සමාගම විසින් 2022 වසරේ Top Trending Searches එලිදක්වයි

₯ : Google ආයතනය සමඟ එක්ව Spotify ආයතනය නව payment option හඳුන්වා දෙයි.