₯ : Google Pixel 6 ජංගම දුරකථනය සමඟින් Magic Eraser පහසුකමක් සහ වසර 5ක් දක්වා Updates ලබාදෙන බව වාර්තා වෙයි

 




Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Pixel 6 ජංගම දුරකථන මාදිලිය මීළඟ ඔක්තෝම්බර් 19 වැනි දින නිකුත් කිරීමට සූදානමින් සිටින බව අපි ඔබව මීට පෙර අපගේ Instants කෙටි පුවත් සේවාව හරහා දැනුවත් කරනු ලැබුවා.

මෙලෙස නිකුත් කිරීමට සූදානමින් සිටින Pixel 6 ජංගම දුරකථන මාලාවෙහි විශේෂත්වය වන්නේ මෙය Google සමාගම විසින් නිර්මාණය කරනු ලබන ඔවුන්ගේම chipset එකක් හරහා බළගැන්වීම නිසාවෙනුයි.

මේ නිසාම ‍අනෙකුත් ජංගම දුරකථන නිෂ්පාදනය කරන්නන්ගෙන් ඔබ්බට ගොස් ඔවුන්ටම ආවේණික පහසුකම් ලබාදීමට හැකියාව Google සමාගමට ලැබෙන අතර, දැනට වාර්තා වී ඇති ආකාරයට Google Pixel 6 දුරකථන වලට වසර පහක Android updates ලබාදීමට නියමිතයි.


එමෙන්ම Pixel 6 දුරකථනයට 50MP main lens එකක්, 12MP ultra wide lens එකක් සහ Pixel 6 Pro දුරකථනයට 48MP telephoto lens එකක්ද ඇතුලත් කර ඇති බව වාර්තා වී තිබෙනවා.

අන්තර්ජාලයට කාන්දු වී ඇති දත්ත අනුව Google Pixel 6 කැමරාව සමඟ Magic eraser නම් නව feature එකක් ලබාදෙන අතර, මෙය Google Photos app එක හරහා භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා. මෙම පහසුකම මගින් ඡායාරූප වල ඇති අනවශ්‍ය වස්තු මකා ඉවත් කරගැනීමේ හැකියාව ලැබෙන බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

සුපුරුදු පරිදි මේ වන විටත් අලුත්ම Pixel ජංගම දුරකථනය නිකුත් කිරීමට ප්‍රථමව, එහි සියළුම විස්තර පාහේ අන්තර්ජාලයට එකතු වී ඇති අතර, මෙම තොරතුරු තහවුරු කරගැනීම සඳහා අපට මීළඟ 19 වැනි දින දක්වා බලාසිටීමට සිදු වෙනවා.

Comments

Popular posts from this blog

₯ : ජනවාරි මාසයේ සිට කඩදාසි රහිත විදුලි බිල්පතක් නිකුත් කිරීමට සූදානම් බව රජය විසින් නිවේදනය කර​යි

₯ : Google සමාගම විසින් 2022 වසරේ Top Trending Searches එලිදක්වයි

₯ : Google ආයතනය සමඟ එක්ව Spotify ආයතනය නව payment option හඳුන්වා දෙයි.