₯ : Apple Music සඳහා Karaoke විශේෂාංගයක් හඳුන්වාදීමට කටයුතු කරයි


 මේ වනවිට ලොව පුරා මිලියන 88 කට ආසන්න පරිශීලකයින් විසින් භාවිත කරනු ලබන apple music සේවාව සඳහා Apple Music Sing නමින් නව විශේෂාංගයක් හඳුන්වාදීමට apple සමාගම කටයුතු කර තිබෙනවා.

මෙම පහසුකම ඊයේ (06/12/2022) දිනයේ නිළ apple newsroom වෙබ් අඩවිය ඔස්සෙ නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම විසින් මේ පිළිබඳව තහවුරු කර තිබෙනවා.


එමෙන්ම Apple Music Sing පහසුකම මගින් lyric කිහිපයක් එකවර දැක ගැනිමේ හැකියාව ලබා දී තිබෙන අතර මෙමඟින් පරිශීලකයින් හට duets, sing backup ඇතුළු music sing කලහැකි විවිධ අකාරයන් මේ සමගම integrated කිරිමට කටයුතු කරමින් apple සමාගම ඔවුන්ගේ apple music app එක හරහා අසමසම අත්දැකිමක් පරිශීලකයන්ට ලබාදීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබෙනවා.

කෙසේ නමුත් මෙම පහසුකම මේ මස අවසානයෙන් පසුව Apple Music subscribersලා  සඳහා පමණක් ලබාදීමට තීරණය කර තිබෙන අතර මේ සඳහා ඕනැම compatible iPhones සහ iPads devices සහය දක්වන බවට වාර්තා වී තිබෙන නමුත් මෙම පහසුකම නවතම Apple TV 4K සඳහා ද ලබාදීමට නියමිත බවට වැඩිදුරටත් තහවුරු වි තිබෙනවා.

Comments

Popular posts from this blog

₯ : Google Pixel 6 ජංගම දුරකථනය සමඟින් Magic Eraser පහසුකමක් සහ වසර 5ක් දක්වා Updates ලබාදෙන බව වාර්තා වෙයි

₯ : ජනවාරි මාසයේ සිට කඩදාසි රහිත විදුලි බිල්පතක් නිකුත් කිරීමට සූදානම් බව රජය විසින් නිවේදනය කර​යි

₯ : Google සමාගම විසින් 2022 වසරේ Top Trending Searches එලිදක්වයි

₯ : Google ආයතනය සමඟ එක්ව Spotify ආයතනය නව payment option හඳුන්වා දෙයි.