₯ : Google සමාගමෙන් Meet සහ Duo අනාගැනීම.

 බොහෝ කාලයක් තිස්සේ හුදෙක් ආරංචියක් පමණක් ලෙස තිබු Google Duo සහ Google Meet සේවාවන් දෙක එකට merge වීම දැන් නිල වශයෙන් සිදු වන බව සමාගම විසින් ම නිවේදනය කර තිබෙනවා. පසුගිය බදාදා (04) නිල වශයෙන් Google සමාගම නිවේදනය කළේ මේ සේවාවන් දෙකේම එකතුවෙන් "single video communications service" එකක් නිර්මාණය කිරීම තම අරමුණ බවයි.

Google Duo කියන්නේ මුල් ම වතාවට video chat පහසුකම් ලබා දුන් app අතරින් එකක් වුණත් අද වෙද්දී මේ සේවාව භාවිතා කරන ප්‍රමාණය අතිශයින්ම සීමිතයි. Google Meet අතිශය ජනප්‍රිය සේවාවක් නොවුණත් තවමත් යම් පිරිසක් භාවිතයට ගන්නා සේවාවක්. Google Duo සහ Google Meet සේවාවන් දෙක එකක් බවට පත් කරමින් Google වඩා ගුණාත්මක භාවයකින් යුතු නවතම video communications service එකක් නිර්මාණය කරාවි කියලා බොහෝ දෙනෙක් බලන් ඉන්නවා. මේ සේවාවන් දෙකේම ඇති විශේෂ පහසුකම් බොහොමයක් මේ නව දෙමුහුම් සේවාවේදී දැක බලාගන්න පුළුවන් වේවි.

Comments

Popular posts from this blog

₯ : Google Pixel 6 ජංගම දුරකථනය සමඟින් Magic Eraser පහසුකමක් සහ වසර 5ක් දක්වා Updates ලබාදෙන බව වාර්තා වෙයි

₯ : ජනවාරි මාසයේ සිට කඩදාසි රහිත විදුලි බිල්පතක් නිකුත් කිරීමට සූදානම් බව රජය විසින් නිවේදනය කර​යි

₯ : Google සමාගම විසින් 2022 වසරේ Top Trending Searches එලිදක්වයි

₯ : Google ආයතනය සමඟ එක්ව Spotify ආයතනය නව payment option හඳුන්වා දෙයි.