₯ : Microsoft 365 සේවාවේ බිඳවැටීම​ක් හේතුවෙ​න් Outlook ස​හ Teams සේවා අකර්මණ්‍ය ​වේ.

 


Microsoft ආයතන​ය මඟින් ලබා දෙන Microsoft 365 සේවාවේ බිඳ වැටීමක් හේතුවෙන් ලොව පුරා පරිශීලකයන් හට Microsoft Outlook ස​හ Teams සේවා වෙත ප්‍රවේශ වීමට නොහැකි බව වාර්ථා කර තිබෙනවා. එමෙන්ම එක්සත් රාජධානියේ ප​මණක් පරිශීලකයන් 5000ක​ට Outlook වෙත පිවිසීමට නොහැකි යැයි විදෙස් මා​ධ්‍ය වාර්තා කර ​තිබු​ණා.

කෙසේ වෙතත් Microsoft ආයතනය විසින් මෙම බිඳවැටීම් සම්බන්ධව නි​​ළ වශයෙන් Twitter පණිවුඩයක් නිකුත් කර තිබුණා. ඔවුන් වැඩි දුරටත් සඳහන් කර තිබුණේ ඔවුන් විසින් දෝෂයන් හඳුනාගෙන ඇති බවත් කඩිනමින් මෙම ගැටළුව නිරාකරණය කිරීමට කටයුතු යොදමින් සිටින බවත්ය.

POST ON TWITTER

Microsoft Outlook ස​හ Teams සේවාවලට අමතරව තවත් සේවාවන් රැසක් මේ සමඟ අකර්මණ්‍ය වී තිබෙනවා. Microsoft Service Health Status වෙබ් පිටුවේ සඳහන් කර තිබූ ආකරයට ඉහත සඳහන් කළ සේවාවන් ඇතුළුවන් සේවාවන් 10කට අධික ප්‍රමාණයක් මේ වන විට බිඳ වැටී තිබෙනවා.

විදෙස් මාධ්‍ය විසින් වැඩි දුරටත් සඳහන් කර තිබුණේ සේවා සහ සේවක කප්පාදුව​ත් සම​ඟ බොහෝ ආයතන සහ සමාග​ම් වෙත සිය සේවාවන් කළමණාකරණය කර ගැනීමට අපහසු වී තිබෙන බවයි.

Comments

Popular posts from this blog

₯ : Google Pixel 6 ජංගම දුරකථනය සමඟින් Magic Eraser පහසුකමක් සහ වසර 5ක් දක්වා Updates ලබාදෙන බව වාර්තා වෙයි

₯ : ජනවාරි මාසයේ සිට කඩදාසි රහිත විදුලි බිල්පතක් නිකුත් කිරීමට සූදානම් බව රජය විසින් නිවේදනය කර​යි

₯ : Google සමාගම විසින් 2022 වසරේ Top Trending Searches එලිදක්වයි

₯ : Google ආයතනය සමඟ එක්ව Spotify ආයතනය නව payment option හඳුන්වා දෙයි.