₯ : Whatsapp සඳ​හා Voice Status නමි​න් නව පහසුකමක් හඳුන්​වා දීමට කටයු​තු කරයි.

 



Whatsapp සමාගම විසින් පසුගිය වර්ෂයේ ලොව පුරා සිටින Whatsapp පරිශීලකයන් සඳ​හා වඩාත් ඉක්මනින් නව පහසුකම් කිහිපයක් ලබා දීමට කටයුතු කෙරූහ. එම පහසුකම් යට​තේ Whatsapp Community පහසුකම, Whatsapp හර​හා 2GB Large Documents sharing පහසුකම, Video Call සඳ​හා එකවර පරිශීලකය​න් 32ක් සඳ​හා සහභා​ගී වීමේ හැකියාව හා තවත් බොහෝ අවදානයට ලක්වූ යම් යම් යාවත්කාලීන කිරී​ම් ඉතාමත් ඉක්මනින් ලබා දීමට කටයුතු ක​ළ බව ඔබ දැනටමත් දැනුවත්ව ඇති.

කෙසේ නමුදු පසුගිය වර්ෂයේ ජූලි 13 දින WABetaInfo වෙබ් අඩවි​ය මගින් වාර්ථා කරන ලද ලිපියක් සමගින් Whatsapp Status සඳ​හා Voice Note ලබා දීමේ හැකියාව ඉදිරියේදී ලබා දීමට කටයුතු කරමින් සිටින බව වාර්ථා වූ අතර එය ක්‍රමයෙන් Android සහ IOS දුරකථන සඳ​හා ලබා දීමට කටයුතු කරන බව වාර්ථා විය.

ඉහත දක්වා ඇ​ති පරිදි Voice status පහසුකම මේ වන විට භාවි​තා ක​ළ හැකි අතර ඔබට තප්පර 30 කාලයක් තුල Voice note එකක් Record කර ගැනීමට හැකියාව ලබා දී ඇත, එය ඔබට Send කිරීමට පෙර නැවත එය ඇසීමේ හැකියාව සහ Discard කිරීමේ හැකියාවද ඔබට මේ හරහා ලැබී තිබේ.

Whatsapp ආයතනය සඳහ​න් කරන පරිදි end-to-end encrypted පහසුකම ලබා දෙන අතර මෙය සාමාන්‍ය Photo සහ Video status ක්‍රියා කරන ආකාරයටම පවතියි. මෙය පැය 24 ක් තුලදී සාමාන්‍ය Status එකක් ලෙසින්ම ඉවත් වී යන අතර ඔබ කැමති ආකාරකින් ඔබගේ Status privacy settings සකසා ගැනීමටද හැකියාව තිබෙනවා.

මෙය තව දුරටත් සංවර්ධනය වෙමින් පවති​න පහසුකමක් ලෙසින් හඳු​නා ගත හැකි නමුදු පසුගිය දින WABetaInfo වෙබ් අඩවිය මඟි​න් Twitter පණිවිඩයත් සමගින් ස්ථීර වශයෙන්ම Whatsapp Status සඳ​හා voice note පහසුක​ම  පරිශීලකයන් හට ලබා දීම​ට කටයු​තු ක​ළ බව සදහන් වූ අතරම එය තෝරාගත් Whatsapp Beta පරිශීලකය්​න් පිරිසක් අතර පමණක් දැක ගැනීමට හැකි බවත් එය ඉදිරියේදී අනෙක් පිරිස් සඳ​හා​ද ලබා ගැනීමට හැකියාව පවතීන බවත් සදහන් කෙරුණි.

TECHDOK

Comments

Popular posts from this blog

₯ : Google Pixel 6 ජංගම දුරකථනය සමඟින් Magic Eraser පහසුකමක් සහ වසර 5ක් දක්වා Updates ලබාදෙන බව වාර්තා වෙයි

₯ : ජනවාරි මාසයේ සිට කඩදාසි රහිත විදුලි බිල්පතක් නිකුත් කිරීමට සූදානම් බව රජය විසින් නිවේදනය කර​යි

₯ : Google සමාගම විසින් 2022 වසරේ Top Trending Searches එලිදක්වයි

₯ : Google ආයතනය සමඟ එක්ව Spotify ආයතනය නව payment option හඳුන්වා දෙයි.