Posts

₯ : Google සමාගමෙන් Meet සහ Duo අනාගැනීම.

Image
  බොහෝ කාලයක් තිස්සේ හුදෙක් ආරංචියක් පමණක් ලෙස තිබු Google Duo සහ Google Meet සේවාවන් දෙක එකට merge වීම දැන් නිල වශයෙන් සිදු වන බව සමාගම විසින් ම නිවේදනය කර තිබෙනවා. පසුගිය බදාදා (04) නිල වශයෙන් Google සමාගම නිවේදනය කළේ මේ සේවාවන් දෙකේම එකතුවෙන් "single video communications service" එකක් නිර්මාණය කිරීම තම අරමුණ බවයි. Google Duo කියන්නේ මුල් ම වතාවට video chat පහසුකම් ලබා දුන් app අතරින් එකක් වුණත් අද වෙද්දී මේ සේවාව භාවිතා කරන ප්‍රමාණය අතිශයින්ම සීමිතයි. Google Meet අතිශය ජනප්‍රිය සේවාවක් නොවුණත් තවමත් යම් පිරිසක් භාවිතයට ගන්නා සේවාවක්. Google Duo සහ Google Meet සේවාවන් දෙක එකක් බවට පත් කරමින් Google වඩා ගුණාත්මක භාවයකින් යුතු නවතම video communications service එකක් නිර්මාණය කරාවි කියලා බොහෝ දෙනෙක් බලන් ඉන්නවා. මේ සේවාවන් දෙකේම ඇති විශේෂ පහසුකම් බොහොමයක් මේ නව දෙමුහුම් සේවාවේදී දැක බලාගන්න පුළුවන් වේවි.

₯ : Google ආයතනය සමඟ එක්ව Spotify ආයතනය නව payment option හඳුන්වා දෙයි.

Image
  පසුගිය කාලයේදි Play Store billing සම්බන්ධයෙන් ඇතිවූ නීතිමය ගැටළුකාරී තත්වයන්ට Google ආයතනයට මුහුණදීමට සිදු වූ නිසාවෙන් Google සමාගම විසින් app owners ලා සඳහා ඔවුන්ගේම payment method option ලබාදීමට හැකිවෙන ආකාරයට එම නීතී ලිහිල් කිරීමට කටයුතු කරනු ලැබුවා. මෙය පරික්ෂා කර බැලීම සඳහා මෙම වසර මුලදී Spotify පරිශීලකයන් හට තමන් කුමන ආකාරයෙන්ද ගෙවිම් කරන්නේ යන්න තේරීමට අවශ්‍ය payment method option එකක් නිර්මාණය කිරීමට  Google සහ Spotify ආයතන එක්ව  කටයුතු කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට පරිශීලකයින්ට දැන් Spotify හි payment option එක භාවිතා කළ හැකි අතර, මෙය මුලින්ම රටවල් කිහිපයකට පමණක් නිකුත් කිරීමට Google සමාගම විසින් සූදානම්ව සිටින නමුත්, දැනටමත් ඇමෙරිකා එක්සත් ජනපදයෙහි ජීවත් වන පරිශිලකයන් හට මෙම පහසුකම අත්විදීමට හැකියාව පවතිනවා. Spotify app එක තුළ ඇති payment page එක හරහා ඔබට දැන් payment option දෙකක් දැක ගැනීමට හැකියාව ලැබෙන අතර, ඉන් Spotify හෝ Google Play හරහා අදාල ගෙවිම් සිදුකිරීමට හැකියාව ලැබෙනවා. මෙම නව පහසුකමත් සමඟ අදාල පරිශිලයන්ගේ කැමැත්ත අනුව ඔවුන්ට ගැලපෙන ගෙවී...

₯ : ජනවාරි මාසයේ සිට කඩදාසි රහිත විදුලි බිල්පතක් නිකුත් කිරීමට සූදානම් බව රජය විසින් නිවේදනය කර​යි

Image
මේ වන ශ්‍රී ලංකාව තුළ ඇති වී ඇති ආර්ථික අර්බුදය හේතු කොටගෙන භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ ගොස් තිබෙන බව ඔබ මේ වන විටත් දන්නවා ඇති. උද්ධමනය හමුවේ කඩදාසිවල මිල ගණන් අධික වී ඇති අතර මේ වන විටත් බොහෝ සේවාවන් මඟින් කඩාදාසි රහිත ඩිජිටල් බිල්පත් ලබා දෙන බව අප දනිමු. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඔබේ නිවසට විදුලි බිල්පත මනු කියවන්නෙකු හරහා කඩදාසි මාධ්‍යයෙන් ඔබ වෙත මේ වන විටත් ලබා දෙනු ලබනවා. කෙසේ වෙතත් පවතින ආර්ථික අර්බුදය හමුවේ කඩදාසි මිල ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී කඩදාසි රහිත බිල් පතක් තම පාරිභෝගිකයන් වෙත ලබා දීමට කටයුතු කරන බව​ට අද දින බලශක්ති අමාත්‍යවරයා සහ විදුලි බල මණ්ඩලය හමු​වේ පැවති රැස්වීමකදී තීරණය කර තිබෙනවා. බලශක්ති අමාත්‍ය කන්චන විජේසේකර මහතා විසින් Twitter පණිවුඩයක් හරහා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ඉදිරි ජනවාරි මාසයේ සිට කඩදාසි රහිත බිල් පතක් පාරිභෝගිකයන් වෙත නිකුත් කරන බවයි. කෙසේ වෙතත් TechNews.LK අප කළ විමසීමකදී බලශක්ති අමාත්‍යාංශය විසින් පවසා සිටියේ මේ සම්බන්ධ සාකච්ඡා මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඉදිරියේ​දී පැහැදිලි කිරීමක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි....

₯ : Google සමාගම විසින් 2022 වසරේ Top Trending Searches එලිදක්වයි

Image
  සෑම වසරකම වාගේ මේ වසරේත් (2022) ලොවපුරා සිටින්නන් විසින් Google හරහා සිදුකල searches අතර Trending searches, Google Year in Search හරහා එලිදක්වා ඇත. ඒ අතර #1ට පැමිණ ඇත්තේ "Wordle" යන වචනයයි. Wordle යනු  2022 වසරේ සිට The New York Times සතු, Josh Wardle(Software Engineer) විසින් develop කරන ලද web base game එකකි. එසේම Google සමාගම විසින් "Google — Year in Search 2022" ලෙසින් video පටයක් YouTube හරහා පළ කර ඇත. Google — Year in Search 2022 Google - Year in search 2022හි Top Global Trending lists Searches Wordle India vs England Ukraine Queen Elizabeth Ind vs SA World Cup India vs West Indies iPhone 14 Jeffrey Dahmer Indian Premier League News Ukraine Queen Elizabeth passing Election results Powerball numbers Monkeypox Hurricane Ian Johnny Depp verdict Texas school shooting Will Smith Oscars Roe v Wade People Johnny Depp Will Smith Amber Heard Vladimir Putin Chris Rock Novak Djokovic Anna Sorokin (Delvey) Andrew Tate Rishi Sunak Simon Leviev Actors Johnny Depp Will Smi...

₯ : Apple Music සඳහා Karaoke විශේෂාංගයක් හඳුන්වාදීමට කටයුතු කරයි

Image
  මේ වනවිට ලොව පුරා මිලියන 88 කට ආසන්න පරිශීලකයින් විසින් භාවිත කරනු ලබන apple music සේවාව සඳහා   Apple Music Sing   නමින් නව විශේෂාංගයක් හඳුන්වාදීමට apple සමාගම කටයුතු කර තිබෙනවා. මෙම පහසුකම ඊයේ (06/12/2022) දිනයේ නිළ apple newsroom වෙබ් අඩවිය ඔස්සෙ නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම විසින් මේ පිළිබඳව තහවුරු කර තිබෙනවා. එමෙන්ම Apple Music Sing පහසුකම මගින් lyric කිහිපයක් එකවර දැක ගැනිමේ හැකියාව ලබා දී තිබෙන අතර මෙමඟින් පරිශීලකයින් හට duets, sing backup ඇතුළු music sing කලහැකි විවිධ අකාරයන් මේ සමගම integrated කිරිමට කටයුතු කරමින් apple සමාගම ඔවුන්ගේ apple music app එක හරහා අසමසම අත්දැකිමක් පරිශීලකයන්ට ලබාදීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබෙනවා. කෙසේ නමුත් මෙම පහසුකම මේ මස අවසානයෙන් පසුව Apple Music subscribersලා  සඳහා පමණක් ලබාදීමට තීරණය කර තිබෙන අතර මේ සඳහා ඕනැම compatible iPhones සහ iPads devices සහය දක්වන බවට වාර්තා වී තිබෙන නමුත් මෙම පහසුකම නවතම Apple TV 4K සඳහා ද ලබාදීමට නියමිත බවට වැඩිදුරටත් තහවුරු වි තිබෙනවා.

₯ : Starlink සමාගම ඇමරිකා​වේ ජාතික ආරක්ෂාව සඳහා SpaceX Starshield එළිදක්වයි.

Image
  SpaceX සිය Starlink තාක්ෂණය ඇමරිකාවෙහි ආරක්ෂක දෙපාර්තමේන්තුවට encrypted satellite internet පහසුකමක් ලෙස ව්‍යාප්ත කිරීමට සූදානමින් සිටින බව මේ වන විට වාර්ථා වෙනවා. ඒ අනුව ඇමරිකා​වේ ජාතික ආරක්ෂාව සඳ​හා චන්ද්‍රිකා සන්නිවේදන සේවාවක් ලෙස Starshield එළිදැක්වීමට කටයුතු කර තිබෙනවා. එහි තාක්ෂණය Starlinkහි මෙන්ම භාවිතා කිරීමට සැලසුම් කර ඇති නමුත් එය අධිවේගී අන්තර්ජාල වේගයෙන් ඔබ්බට යන බව ඔවුන් පවසා තිබෙනවා. SpaceX සමාගම Starshield සඳහා අවධානය යොමු කළ යුතු අංශ තුනක් සඳහන් කරනවා. ඉන් පළමුවැන්න වනුයේ රජයේ ගනුදෙනුකරුවන් සඳහා end-to-end encrypted කළ සන්නිවේදන පහසුකම් සපයන බව​යි. SpaceX සමාගම පවසන්නේ දැනටමත් end-to-end user data encryption, Starshield වෙත ඉදිරිපත් කර ඇති බවයි. තවද Starshield ව්‍යාපෘතිය විසින් payloads සහ දත්ත ආරක්ෂිතව සැකසීමට, වඩාත්ම ඉල්ලුම් කරන රාජ්‍ය අවශ්‍යතා සපුරාලීමට අමතර high-assurance cryptographic capability හැකියාව භාවිතා කර තිබෙනවා. Starshield පද්ධතියකට නිරීක්ෂණ ජාලයක් (surveillance network) ලෙසද ක්‍රියා කළ හැක. ඔවුන් Starshield සඳහා ඇති වෙබ් පිටුවේ සඳහ​න් කර ඇත්තේ පෘථිව...

₯ : Microsoft 365 සේවාවේ බිඳවැටීම​ක් හේතුවෙ​න් Outlook ස​හ Teams සේවා අකර්මණ්‍ය ​වේ.

Image
  Microsoft ආයතන​ය මඟින් ලබා දෙන Microsoft 365 සේවාවේ බිඳ වැටීමක් හේතුවෙන් ලොව පුරා පරිශීලකයන් හට Microsoft Outlook ස​හ Teams සේවා වෙත ප්‍රවේශ වීමට නොහැකි බව වාර්ථා කර තිබෙනවා. එමෙන්ම එක්සත් රාජධානියේ ප​මණක් පරිශීලකයන් 5000ක​ට Outlook වෙත පිවිසීමට නොහැකි යැයි විදෙස් මා​ධ්‍ය වාර්තා කර ​තිබු​ණා. කෙසේ වෙතත් Microsoft ආයතනය විසින් මෙම බිඳවැටීම් සම්බන්ධව නි​​ළ වශයෙන් Twitter පණිවුඩයක් නිකුත් කර තිබුණා. ඔවුන් වැඩි දුරටත් සඳහන් කර තිබුණේ ඔවුන් විසින් දෝෂයන් හඳුනාගෙන ඇති බවත් කඩිනමින් මෙම ගැටළුව නිරාකරණය කිරීමට කටයුතු යොදමින් සිටින බවත්ය. POST ON TWITTER Microsoft Outlook ස​හ Teams සේවාවලට අමතරව තවත් සේවාවන් රැසක් මේ සමඟ අකර්මණ්‍ය වී තිබෙනවා.  Microsoft Service Health Status  වෙබ් පිටුවේ සඳහන් කර තිබූ ආකරයට ඉහත සඳහන් කළ සේවාවන් ඇතුළුවන් සේවාවන් 10කට අධික ප්‍රමාණයක් මේ වන විට බිඳ වැටී තිබෙනවා. විදෙස් මාධ්‍ය විසින් වැඩි දුරටත් සඳහන් කර තිබුණේ සේවා සහ සේවක කප්පාදුව​ත් සම​ඟ බොහෝ ආයතන සහ සමාග​ම් වෙත සිය සේවාවන් කළමණාකරණය කර ගැනීමට අපහසු වී තිබෙන බවයි.