Posts

₯ : Elon Musk විසින් සංකේතාත්මක Twitter පක්ෂි ලාංඡනය සුනඛ නිරූපකයක් සමඟ ප්‍රතිස්ථාපනය කරයි.

Image
  අප්‍රේල් 04 වෙනිදා උදෑසන සියලු දෙනාම තම Twitter app එක විවෘත කරන විට අසාමාන්‍ය දෙයක් දැකගත හැකි විය. ඒ සුපුරුදු නිරූපිත නිල් කුරුළු ලාංඡනය අතුරුදහන් වි තිබීමයි. ඒ වෙනුවට Shiba Inu ලාංඡනය දැන් ඔබව microblogging වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනී. Twitter හි ප්‍රධාන විධායක නිලධාරී Elon Musk, පැරණි සාකච්ඡාවක් share කිරීමෙන් “පොරොන්දු වූ පරිදි” ලෙසින් පිළිතුරු දෙමින් මේ යාවත්කාලීන කිරීම පිළිගත්තේය. Elon Musk Twitter හි සංකේතාත්මක පක්ෂි ලාංඡනය වෙනුවට නව නිරූපකයක් සමඟ ප්‍රතිස්ථාපනය කර ඇති අතර එය Doge meme සඳහා ආභාෂය ලබා දුන් Kabosu, Shiba Inu පෙන්වයි. Elon Musk Twitter ලාංඡනය වෙනස් කර, signature bird logo එකට සමුදී, එය doge meme එකක් සමඟ ප්‍රතිස්ථාපනය කර ඇත. ඔබ Twitter Web විවෘත කරන විට, loading screen එකේ නව Twitter ලාංඡනය, Kabosu ගේ Doge meme එකට ආභාෂය දුන් Shiba Inu පෙන්වනු ඇත. Twitter හි homepage එකේ display picture එකට ද එයම ප්‍රතිස්ථාපනය කර ඇත.

₯ : චීන තාක්‍ෂණ දැවැන්තයා වන Alibaba ප්‍රතිවාදී AI Chatbot එකක් දියත් කරයි.

Image
  Alibaba යනු ChatGPT හි ජනප්‍රියතාවයෙන් ඇවිළුණු ගෝලීය chatbot තරඟයට එක්වන නවතම සමාගමයි. චීන තාක්‍ෂණ සමාගම විසින් Tongyi Qianwen නමින් නව මෙවලමක් දියත් කර ඇත, එය දළ වශයෙන් ‘දහසක් ප්‍රශ්නවල සත්‍යය’ ලෙස පරිවර්තනය කරයි. ChatGPT සහ Google’s Bard මෙන්ම, Tongyi Qianwen ද විශාල text ප්‍රමාණයක් මත පුහුණු කර ඇති අතර එමඟින් පරිශීලක විමසුම්වලට මිනිසුන්ට සමාන ප්‍රතිචාර ජනනය කළ හැකිය. එය නුදුරු අනාගතයේ සමාගමේ සියලුම නිෂ්පාදන සමඟ ඒකාබද්ධ වනු ඇත, එහි smart speaker එක සහ workplace app ඇතුළුව, චීන සහ ඉංග්‍රීසි භාෂා දෙකම හැකිය. Alibaba යනු තමන්ගේම සංවාදාත්මක AI තාක්‍ෂණය සංවර්ධනය කිරීමේ කාර්යබහුල වූ එක් චීන සමාගමක් පමණි. නමුත් එය පරිශීලකයින් ගැන ඔත්තු බැලීමට භාවිතා කළ හැකි යැයි සැලකිල්ලක් දක්වයි. Alibaba රජය සතු නොවන නමුත්, එය සමාගම තුළ පාලක Chinese Community Party (CCP) හි සාමාජිකයින් සිටින බවට චෝදනා කරයි. එබැවින් Tongyi Qianwen විසින් රැස් කරන ලද දත්ත චීන රජය සමඟ බෙදා ගැනීමට හැකියාවක් ඇත. ‘චීනයේ බලධාරීන් නොදැන හෝ සෘජුවම අනුමත කිරීමකින් තොරව කිසිවක් සිදු නොවන බව කෙනෙකුට උපකල්පනය කළ හැකිය,’ යනුවෙන් M...

₯ : Google Pixel 6 ජංගම දුරකථනය සමඟින් Magic Eraser පහසුකමක් සහ වසර 5ක් දක්වා Updates ලබාදෙන බව වාර්තා වෙයි

Image
  Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Pixel 6 ජංගම දුරකථන මාදිලිය මීළඟ ඔක්තෝම්බර් 19 වැනි දින නිකුත් කිරීමට සූදානමින් සිටින බව අපි ඔබව මීට පෙර අපගේ Instants කෙටි පුවත් සේවාව හරහා දැනුවත් කරනු ලැබුවා. මෙලෙස නිකුත් කිරීමට සූදානමින් සිටින Pixel 6 ජංගම දුරකථන මාලාවෙහි විශේෂත්වය වන්නේ මෙය Google සමාගම විසින් නිර්මාණය කරනු ලබන ඔවුන්ගේම chipset එකක් හරහා බළගැන්වීම නිසාවෙනුයි. මේ නිසාම ‍අනෙකුත් ජංගම දුරකථන නිෂ්පාදනය කරන්නන්ගෙන් ඔබ්බට ගොස් ඔවුන්ටම ආවේණික පහසුකම් ලබාදීමට හැකියාව Google සමාගමට ලැබෙන අතර, දැනට වාර්තා වී ඇති ආකාරයට Google Pixel 6 දුරකථන වලට වසර පහක Android updates ලබාදීමට නියමිතයි. එමෙන්ම Pixel 6 දුරකථනයට 50MP main lens එකක්, 12MP ultra wide lens එකක් සහ Pixel 6 Pro දුරකථනයට 48MP telephoto lens එකක්ද ඇතුලත් කර ඇති බව වාර්තා වී තිබෙනවා. අන්තර්ජාලයට කාන්දු වී ඇති දත්ත අනුව Google Pixel 6 කැමරාව සමඟ Magic eraser නම් නව feature එකක් ලබාදෙන අතර, මෙය Google Photos app එක හරහා භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා. මෙම පහසුකම මගින් ඡායාරූප වල ඇති අනවශ්‍ය වස්තු මකා ඉවත් කරගැනීමේ හැකියාව ලැබෙන බව ...

₯ : Google සමාගමෙන් Meet සහ Duo අනාගැනීම.

Image
  බොහෝ කාලයක් තිස්සේ හුදෙක් ආරංචියක් පමණක් ලෙස තිබු Google Duo සහ Google Meet සේවාවන් දෙක එකට merge වීම දැන් නිල වශයෙන් සිදු වන බව සමාගම විසින් ම නිවේදනය කර තිබෙනවා. පසුගිය බදාදා (04) නිල වශයෙන් Google සමාගම නිවේදනය කළේ මේ සේවාවන් දෙකේම එකතුවෙන් "single video communications service" එකක් නිර්මාණය කිරීම තම අරමුණ බවයි. Google Duo කියන්නේ මුල් ම වතාවට video chat පහසුකම් ලබා දුන් app අතරින් එකක් වුණත් අද වෙද්දී මේ සේවාව භාවිතා කරන ප්‍රමාණය අතිශයින්ම සීමිතයි. Google Meet අතිශය ජනප්‍රිය සේවාවක් නොවුණත් තවමත් යම් පිරිසක් භාවිතයට ගන්නා සේවාවක්. Google Duo සහ Google Meet සේවාවන් දෙක එකක් බවට පත් කරමින් Google වඩා ගුණාත්මක භාවයකින් යුතු නවතම video communications service එකක් නිර්මාණය කරාවි කියලා බොහෝ දෙනෙක් බලන් ඉන්නවා. මේ සේවාවන් දෙකේම ඇති විශේෂ පහසුකම් බොහොමයක් මේ නව දෙමුහුම් සේවාවේදී දැක බලාගන්න පුළුවන් වේවි.

₯ : Google ආයතනය සමඟ එක්ව Spotify ආයතනය නව payment option හඳුන්වා දෙයි.

Image
  පසුගිය කාලයේදි Play Store billing සම්බන්ධයෙන් ඇතිවූ නීතිමය ගැටළුකාරී තත්වයන්ට Google ආයතනයට මුහුණදීමට සිදු වූ නිසාවෙන් Google සමාගම විසින් app owners ලා සඳහා ඔවුන්ගේම payment method option ලබාදීමට හැකිවෙන ආකාරයට එම නීතී ලිහිල් කිරීමට කටයුතු කරනු ලැබුවා. මෙය පරික්ෂා කර බැලීම සඳහා මෙම වසර මුලදී Spotify පරිශීලකයන් හට තමන් කුමන ආකාරයෙන්ද ගෙවිම් කරන්නේ යන්න තේරීමට අවශ්‍ය payment method option එකක් නිර්මාණය කිරීමට  Google සහ Spotify ආයතන එක්ව  කටයුතු කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට පරිශීලකයින්ට දැන් Spotify හි payment option එක භාවිතා කළ හැකි අතර, මෙය මුලින්ම රටවල් කිහිපයකට පමණක් නිකුත් කිරීමට Google සමාගම විසින් සූදානම්ව සිටින නමුත්, දැනටමත් ඇමෙරිකා එක්සත් ජනපදයෙහි ජීවත් වන පරිශිලකයන් හට මෙම පහසුකම අත්විදීමට හැකියාව පවතිනවා. Spotify app එක තුළ ඇති payment page එක හරහා ඔබට දැන් payment option දෙකක් දැක ගැනීමට හැකියාව ලැබෙන අතර, ඉන් Spotify හෝ Google Play හරහා අදාල ගෙවිම් සිදුකිරීමට හැකියාව ලැබෙනවා. මෙම නව පහසුකමත් සමඟ අදාල පරිශිලයන්ගේ කැමැත්ත අනුව ඔවුන්ට ගැලපෙන ගෙවී...

₯ : ජනවාරි මාසයේ සිට කඩදාසි රහිත විදුලි බිල්පතක් නිකුත් කිරීමට සූදානම් බව රජය විසින් නිවේදනය කර​යි

Image
මේ වන ශ්‍රී ලංකාව තුළ ඇති වී ඇති ආර්ථික අර්බුදය හේතු කොටගෙන භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ ගොස් තිබෙන බව ඔබ මේ වන විටත් දන්නවා ඇති. උද්ධමනය හමුවේ කඩදාසිවල මිල ගණන් අධික වී ඇති අතර මේ වන විටත් බොහෝ සේවාවන් මඟින් කඩාදාසි රහිත ඩිජිටල් බිල්පත් ලබා දෙන බව අප දනිමු. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඔබේ නිවසට විදුලි බිල්පත මනු කියවන්නෙකු හරහා කඩදාසි මාධ්‍යයෙන් ඔබ වෙත මේ වන විටත් ලබා දෙනු ලබනවා. කෙසේ වෙතත් පවතින ආර්ථික අර්බුදය හමුවේ කඩදාසි මිල ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී කඩදාසි රහිත බිල් පතක් තම පාරිභෝගිකයන් වෙත ලබා දීමට කටයුතු කරන බව​ට අද දින බලශක්ති අමාත්‍යවරයා සහ විදුලි බල මණ්ඩලය හමු​වේ පැවති රැස්වීමකදී තීරණය කර තිබෙනවා. බලශක්ති අමාත්‍ය කන්චන විජේසේකර මහතා විසින් Twitter පණිවුඩයක් හරහා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ඉදිරි ජනවාරි මාසයේ සිට කඩදාසි රහිත බිල් පතක් පාරිභෝගිකයන් වෙත නිකුත් කරන බවයි. කෙසේ වෙතත් TechNews.LK අප කළ විමසීමකදී බලශක්ති අමාත්‍යාංශය විසින් පවසා සිටියේ මේ සම්බන්ධ සාකච්ඡා මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඉදිරියේ​දී පැහැදිලි කිරීමක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි....

₯ : Google සමාගම විසින් 2022 වසරේ Top Trending Searches එලිදක්වයි

Image
  සෑම වසරකම වාගේ මේ වසරේත් (2022) ලොවපුරා සිටින්නන් විසින් Google හරහා සිදුකල searches අතර Trending searches, Google Year in Search හරහා එලිදක්වා ඇත. ඒ අතර #1ට පැමිණ ඇත්තේ "Wordle" යන වචනයයි. Wordle යනු  2022 වසරේ සිට The New York Times සතු, Josh Wardle(Software Engineer) විසින් develop කරන ලද web base game එකකි. එසේම Google සමාගම විසින් "Google — Year in Search 2022" ලෙසින් video පටයක් YouTube හරහා පළ කර ඇත. Google — Year in Search 2022 Google - Year in search 2022හි Top Global Trending lists Searches Wordle India vs England Ukraine Queen Elizabeth Ind vs SA World Cup India vs West Indies iPhone 14 Jeffrey Dahmer Indian Premier League News Ukraine Queen Elizabeth passing Election results Powerball numbers Monkeypox Hurricane Ian Johnny Depp verdict Texas school shooting Will Smith Oscars Roe v Wade People Johnny Depp Will Smith Amber Heard Vladimir Putin Chris Rock Novak Djokovic Anna Sorokin (Delvey) Andrew Tate Rishi Sunak Simon Leviev Actors Johnny Depp Will Smi...